අධිවේගී මාර්ගයෙන් වාර්තාගත ආදායමක්

අලුත් අවුරුදු සමය හේතුවෙන් පසුගිය දින 02ක කාලය තුළ අධිවේගී මාර්ගයේ ආදායම කෝටි 10 ඉක්මවා ගොස් තිබේ.

අධිවේගි මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. ඒ. ඩි කහටපිටිය සඳහන් කළේ පසුගිය අප්‍රේල් 11 සහ 12 දිනවලදී අධිවේගී මාර්ගයේ වාහන 297,736ක් ධාවනය කර ඇති බවයි.

ඒ අනුව එම කාලය තුළ රුපියල් දසකෝටි විසිතුන් ලක්ෂ හැත්ත අටදහස් අටසීයක ආදායමක් අධිවේගී මාර්ගයෙන් ලැබී තිබේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අ‍ප්‍රේල් 11වන දින අධිවේගී මාර්ගයේ වාහන 163,541ක් ධාවනය වී ඇති අතර ඉන් ලබා ඇති ආදායම 54,066,450ක් බවයි.

ඊට අමතරව අප්‍රේල් 12 වන දින අධිවේගී මාර්ගයේ වාහන 134,195ක් ධාවනය වී ඇති අතර ඉන් ලබා ඇති අදායම රුපියල් 4 7,012,350ක් බව සඳහන් වී තිබේ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *