අභ්‍යවකාශයේ සිරවී සිටි NASA ගගනගාමීන් දින 286 කට පසු පෘථිවියට

ගවේෂණ චාරිකාවක් සඳහා පසුගිය වසරේදී අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානය බලා පිටත් වූ නාසා ආයතනයේ ගගනගාමීන් දෙදෙනෙකු වන Sunita Williams සහ Butch Wilmore පෘථිවියට පැමිණ තිබෙනවා.

ඔවුන් දෙදෙනා මෙලෙස පෘථිවියට පැමිණ ඇත්තේ මාස 9 කට පසු වීම විශේෂත්වයක්.

ඔවුන් දින 08 ක කාල සීමාවක් සඳහා 2024 වසරේ ජුනි 05 වනදා අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයට ගොස් තිබූ නමුත් ඔවුන් ගමන්ගත් Starliner යානයේ හීලියම් කාන්දුවක් හේතුවෙන් ඔවුන්ට නියමිත කාල සීමාව තුළ පෘථිවියට පැමිණීමට නොහැකිවී තිබුණා.

පසුව ඔවුන් දෙදෙනා නොමැතිව යානය පමණක් පසුගිය වසරේ පෘථිවියට ගෙන්වාගත් අතර ඔවුන් දෙදෙනා රැගෙන ඒම සඳහා SpaceX’s Dragon අභ්‍යවකාශ යානයක් පසුගිය 14 වනදා පිටත්ව ගියා.

ඒ අනුව Sunita Williams සහ Butch Wilmore දින 286 කට පසු අද උදෑසන පෘථිවිය වෙත පැමිණ තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *