ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්ගෙන් රජයට ප්‍රශංසා
බලයට පත්වී කෙටි කාලය තුළ ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධයෙන් රජය ලබා ඇති ප්‍රගතිය අගය කළ යුතු බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා ප්‍රකාශ කළේය.
ඔහු පෙන්වා දෙන්නේ රට නිවැරදි ආර්ථික දිශානතියකට ගමන් කරන බවයි. මහ කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සමඟ මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවකදීය. වත්මන් ආර්ථික තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව වෛද්‍ය සූරියප්පෙරුම මහ කොමසාරිස්වරයාට පැහැදිලි කළේය.
ශ්‍රී ලංකාවේ භාණ්ඩ බ්‍රිතාන්‍ය වෙළෙඳපොළට අපනයනය කිරීම සඳහා උපරිම සහය ලබාදීමට සූදානම් බව පැවසූ මහ කොමසාරිස්වරයා ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීමේ අරමුණින් ව්‍යාපාරිකයන් පිරිසක් ලබන වසර මුලදී ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බවද පැවසීය.
කාබනික කෘෂිකාර්මික අපනයන සඳහා මෙරට වෙළෙඳපොළ තුළ ඉහළ විභවයක් පවතින බවත් ඇඟලුම්, කෘෂිකාර්මික නිෂ්පාදන සහ ස්වභාවික රූපලාවන්‍ය නිෂ්පාදන වැනි විවිධ නිෂ්පාදන සඳහා මෙරට වෙළෙඳපොළ තුළ ඉඩකඩ පවතින බවත් මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙරටට පැමිණෙන සංචාරකයින් අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බවත් මේ හරහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.
ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ප්‍රශංසා කළ මහ කොමසාරිස්වරයා කෙටි කාලීනව ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අගය කළේය.