ඇමෙරිකාවේ 15දෙනෙකුට මරු කැඳවූ ත්‍රස්ථ ප්‍රහාරයක්

ඇමෙරිකාවේ නිව්ඕලන්ස් ජනපදයේ බර්බන් වීදියට විශාල පිරිසක් රැදී සිටි ස්ථානයකට ට්‍රක් රථයක් කඩා වැදී එහි සිටි පුද්ගලයින් 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි සිටි තවත් පුද්ගලයින් 35දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කළ අතර, ඔවුන්ගෙන් පස් දෙනකුගේ තත්වය බරපතල බව වාර්තා වේ. ඒ අනුව, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ද පැවැසෙයි.

එෆ්.බී.අයි. කාර්යාංශය ද කඩිනමින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, ඔවුන් එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුන්වා දී ඇත.

නගරයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීහු රියදුරු කොටු කර ගැනීමට උත්සාහකලත් ඉන් පලායාමට තැත් කළ රියදුරාට පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇති අතර, එහිදී රියදුරා ජීවිතක්ෂයට පත් විය.

කැබ් රථයේ තිබී අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ධජයක්, ගිනි අවි කීපයක් සහ පුපුරන ද්‍රව්‍ය හමුවී ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *