කොළඹ කමත වේදිකා නාට්‍ය උළෙල මාර්තු 27 වැනිදා සිට

ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ විවිධත්වය සොයා යන ‘කොළඹ කමත’ උළෙල මාර්තු මස 27, 28, 29 සහ 30 යන දිනවලදී BMICH කමත පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

28 වැනිදා සිට මහජනතාව සඳහා විවර වන මෙම උළෙලේදී වේදිකා නාට්‍ය රසිකයන් වෙනුවෙන්ම සිංහල, දමිල සහ ඉංග්‍රීසි භාෂා වලින් නාට්‍ය 22 ක් ස​හ ළමා නාට්‍ය 05 ක් රඟ දැක්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එමෙන්ම නාට්‍ය කලාව අධ්‍යයනය කරන විද්‍යාර්ථයින් වෙනුවෙන් ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ විශිෂ්ටයන් විසින් මෙහෙයවනු ලබන වැඩමුළු සහ සංවාද මණ්ඩපයන්ද මෙහිදී පැවැත්වීමට නියමිතයි.

කොළඹ කමත උළෙලේ වැඩසටහන් පෙළගැස්ම පහතින්,

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *