කොළඹ කොටස් වෙළඳපොල දකුණු ආසියාවේ හොඳම ක්‍රියාකාරී කොටස් වෙළඳපොළවල් අතරින් දෙවැනි තැන
කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශක අගය පසුගිය වසරට සාපේක්ෂව 36.1කින් ඉහළ ගොස් ඇති බවත් තෝරාගත් සමාගම් 20කින් සමන්විත S&P ශ්‍රී ලංකා 20 දර්ශකය 41.76%කින් ඉහළ ගොස් ඇති බවත් කොළඹ කොටස් හුවමාරුවේ ශාඛා ජාල කළමනාකරු නිශාන්ත වටගල්ල පවසයි.
දේශීය ආයෝජකයන් විශාල වශයෙන් කොටස් වෙළඳපොළට යොමුවීමෙන් මෙම දර්ශකයන් ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් ගනුදෙනු සංඛ්‍යාවේ විශාල වර්ධනයක් ප්‍රදර්ශනය කරන බවත් කොළඹ කොටස් හුවමාරුවේ ශාඛා ජාල කළමනාකරු නිශාන්ත වටගල්ල පවසයි.
ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ දකුණු ආසියාවේ හොඳම ක්‍රියාකාරී කොටස් වෙළඳපොළවල් අතරින් දෙවැනි ස්ථානයට පත්ව ඇති බවත් ප්‍රවාහන අංශයේ ගනුදෙනු 59%කින් සහ මෘදුකාංග සේවා 57%කින් ඉහළ ගොස් ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.