චීනය ලොව වේගවත්ම අධිවේගී දුම්රිය එළිදක්වයි!

චීනය, ලොව වේගවත්ම අධිවේගී දුම්රිය මූලාකෘතිය ඊයේ (29) බෙයිජිංහි දී එළිදක්වා තිබේ. මෙම දුම්රිය, පැයට කිලෝමීටර් 400ක් පමණ වේගයෙන් ධාවනය කිරීමට අපේක්ෂා කරන අතර, පරීක්ෂණ තත්ත්ව යටතේ පැයට කිලෝමීටර් 450ක් පමණ වේගයක් පෙන්නුම් කර ඇත.

CR450 අංක දරන එම දුම්රියෙහි ධාවන වේගය, බලශක්ති ධාරිතාව, මැදිරිවල ශබ්දය සහ තිරිංග දුර වැනි ප්‍රධාන දර්ශක ජාත්‍යන්තර තත්ත්ව යටතේ ප්‍රමුඛස්ථානයක පවතින බව වාර්තා වේ.

මෙම නවතම තාක්ෂණික සාර්ථකත්වය චීනයේ අධිවේගී දුම්රිය ශේෂ්ත්‍රයේ නව නිමිත්තක් වේ.

මෙම දුම්රිය අනාගතයේ දී වාණිජ මට්ටමට රැගෙන ඒමෙන් පසු, ගමනාන්ත සඳහා ගත වන කාලය වෙනස් කිරීමේ යැකියාවද පවතින අතර එමඟින් මගීන්ගේ ගමන් සඳහා වැඩි පහසුවක් හා කාර්යක්ෂමතාවයක් ගෙන ඒමට ද අපේක්ෂා කෙරේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *