චීන සමාගම්වලින් මුදල් ලබා ගත් අයගේ නම් හෙළි කරන්න – මනෝ ගනේෂන්
දැනටමත් චීන සමාගම්වලින් මූල්‍ය ආධාර ලබාගෙන ඇති අයගේ නම් හෙළි කරන ලෙස දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා තිබේ.
අනුර කුමාර දිසානායක මේ සතියේ චීනයට ගොස් ශ්‍රී ලංකාවේ අතරමැදියන්ට මුදල් ගෙවීමට සිදු නොවන බවට චීන සමාගම්වලට දැනුම් දෙන බවට වාර්තා පළවෙමින් තිබියදී මනෝ ගනේෂන් සිය ඉල්ලීම කළේය.
දූෂණය මැඩලීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය පිළිගනිමින් මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ අතරමැදියන්ට මුදල් සපයන චීන සමාගම් හඳුනාගෙන නොමැති දැයි ප්‍රශ්න කරයි.
එමෙන්ම පසුගිය කාලයේ මෙවැනි මුදල් ලබා ගත් අතරමැදියන්ගේ නම් නොපමාව ප්‍රසිද්ධියට පත් කිරීම අනුරකුමාර දිසානායක ජනාධිපතිවරයාට වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් අවධාරණය කළා.