ජනපති අද රාත්‍රියේ වියට්නාමයට

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (03) රාත්‍රියේ වියට්නාමය බලා පිටත්ව යෑමට නියමිතයි.

වියට්නාම් ජනාධිපති Luong Cuong ගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි 04 සිට 06 දක්වා මෙ​ම වියට්නාමයේ රාජ්‍ය සංචාර​යේ නිරත වනවා.

මෙම සංචාරයේදී රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීම, එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයට සහභාගී වීම හා අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම ආදී කටයුතු රාශියක් සිදු කිරීමට නියමිතයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ජනාධිපතිවරයා සමඟ මෙම රාජ්‍ය සංචාරයට එක්වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නිල නිවේදනය පහතින්,

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *