ජපානය එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 550 ක් ආයෝජනය කරන විට ට්‍රම්ප් තීරුබදු 15% දක්වා අඩු කරයි

මාස ගණනාවක් තිස්සේ පැවති දැඩි සාකච්ඡාවට ගණනාවකින් අනතුරුව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජපාන අපනයන සඳහා 15%ක තිරුබදු අඩු කිරීමක් නිවේදනය කර තිබේ.

ඊයේ(22)දිනයේදී අත්සන් කරන ලද මෙම නව වෙළඳ ගිවිසුමට අනුව එක්සත් ජනපදය ජපාන අපනයන සඳහා සියයට 15 ක තීරු බදු අවම කිරීමට සාපේක්ෂව ජපානය එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 550 ක් ආයෝජනය කිරීමට නියමිතය.

ජනාධිපති ට්‍රම්ප් සිය තෘත් සමාජ මාධ්‍ය වේදිකාවේ මේ බව සඳහන් කරමින් ප්‍රකාශ කර තිබුණේ, ජපානය සමඟ දැවැන්ත ගනුදෙනුවක් අවසන් කළ බවත්, එය මෙතෙක් සිදු කර ඇති විශාලතම ගනුදෙනුව විය හැකි බවත්,මගේ මඟ පෙන්වීම අනුව ජපානය එක්සත් ජනපදයට ඩොලර් බිලියන 550 ක් ආයෝජනය කරනු ඇති අතර එමඟින් ලාභයෙන් 90% ක් එක්සත් ජනපදයට ලැබෙනු ඇති බවත්ය.

ඒ අනුව, ජපානය මෝටර් රථ, සහල් සහ ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන එක්සත් ජනපදයට අපනයනය කිරීම සඳහා ද විවෘත කරන බව ට්‍රම්ප් පැවසූ අතර, මෙම ගනුදෙනුව ලක්ෂ ගණනක් රැකියා නිර්මාණය කරන බව ප්‍රකාශ කර තිබිණි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *