ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකීය ගවේශණාත්මක මාධ්‍ය කලාවේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 76 වන වියේ පසු විය.

කලක සිට අසනීපයෙන් පසුවූ ඒ මහතා කරාපිටිය ශික්ෂණ රෝහල ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.

1949 වසරේ ජූනි 26 වන දා උපත ලැබූ ඔහු කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

80 දශකය අගභාගයේ බිහි වූ රාවය පුවත්පතේ සමාරම්භක කතෘවරයා වූ වික්ටර් අයිවන් මහතා, ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකු ද වේ.

71 කැරැල්ල, අර්බුදයේ ගමන් මග, ශ්‍රී ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ සමාජ පසුබිම, සාම ගිවිසුමේ සිට දෝෂාභියෝගය දක්වා, නොනිමි අරගලය, පෑන අහිංසකද, චෞර රැජින සහ දේශපාලනයේ පවුල හා කුලය යන ග්‍රන්ථ ඔහු විසින් රචනා කරනු ලැබ තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *