ට්‍රම්ප් විදෙස් චිත්‍රපට සඳහා 100% ක තීරු බද්දක් පනවයි

විදෙස් රටවල නිෂ්පාදනය කරන ලද චිත්‍රපට සඳහා 100% ක තීරු බද්දක් පැනවීමට කටයුතු කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩා වැටෙමින් පවතින බැවින්, මෙම තීරු බද්ද පැනවීම සඳහා එක්සත් ජනපද වෙළඳ නියෝජිතයාට බලය පවරන බවට ‍අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යලිත් අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය බවත්, ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා මෙසේ තීරු බදු ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *