ඩෙංගු යලි හිස ඔසවයි
මේ වනවිට පැතිර යමින් පවතින ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාර්යසාධක බළකායක් පත්කර ඇති බව බස්නාහිර පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් එල්.ඒ. කළුකපුආරච්චි පවසනවා.
වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් 50%කට අධික පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා බව බවයි ඔහු පවසා සිටින්නේ.
එසේම, මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 17,000ක පිරිසක් වාර්තා වී ඇති බවද, එම සංඛ්‍යාවෙන් 1,800ක ප්‍රමාණයක් කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවද කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගීතිකා රත්නවර්ධන සඳහන් කරනවා.
ඩෙංගු අවදානම සහිත නිවාස 70,000ක් පරීක්ෂා කර ඇති අතර, නිවාස 471කට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි වෛද්‍ය ගීතිකා රත්නවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.