තායි ශ්‍රී ලංකා තානාපතිනී තායිලන්තයේ ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය හමුවෙයි
තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනී විජයන්ති එදිරිසිංහ මහත්මිය තායිලන්තයේ වාණිජ අමාත්‍යාංශයේ ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ (DITP) අධ්‍යක්ෂ ජනරාල් සුනන්තා කන්ග්වල්කුල්කිජ් මහත්මිය සමඟ ඵලදායී හමුවක් පසුගියදා පැවැත්විණි. මෙම හමුව ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංස්කෘතික, ආගමික සහ වෙළඳ සබඳතා මත ගොඩනැගුණු දීර්ඝ කාලීන සබඳතාව තව දුරටත් ශක්තිමත් කළේය.
මෙහිදී ශ්‍රී ලංකා තානාපතිවරිය ජාත්‍යන්තර වෙළෙඳාම නංවාලීම සඳහා තායිලන්තය ගන්නා අඛණ්ඩ උත්සාහයන් අගය කළ අතර ගෝලීය වශයෙන් තායි ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේදී DITP හි තීරණාත්මක කාර්යභාරය අවධාරණය කළේය.
2025 දී තායිලන්තයේ බැංකොක් මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශන, තායිෆෙක්ස් සහ ස්ටයිල් බැංකොක් වැනි ප්‍රමුඛ පෙළේ වෙළඳ ඉසව් සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය ද තානාපතිවරිය විසින් අවධාරණය කරන ලදී. එමෙන්ම දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමටත් අත්‍යවශ්‍ය අවස්ථාවන් ලෙස ක්‍රියා කරන බවද ඇය පැවසුවාය.
අධ්‍යක්ෂ ජනරාල් සුනන්තා කන්ග්වල්කුල්කිජ් මහත්මිය පැවසුවේ ප්‍රමුඛ වෙළෙඳ ප්‍රදර්ශන සඳහා ශ්‍රී ලංකාව සක්‍රීයව සහභාගී වීම අගය කළ අතර ශ්‍රී ලංකාව සතු සැලකිය යුතු වෙළෙඳ සහ සංචාරක විභවයන් පිළිබඳව අවධාරණය කළේය. විශේෂයෙන්ම මේ වසරේ ක්‍රියාත්මක වීමට නියමිත ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) සමඟ ද්විපාර්ශ්වික වෙළෙඳාම ශක්තිමත් කිරීමේ දැවැන්ත හැකියාවඇති බවටත් ප්‍රකාශ කළේය.