දශකයකට පසුව අමෙරිකාවට බලපෑ දරුණුතම හිම පතනය
අමෙරිකා එක්සත් ජනපදයට බලපෑ ඇති හිම කුණාටුව හේතුවෙන් එරට ප්‍රාන්ත 30ක මිලියන 60කට අධික අමෙරිකානුවන් සංඛ්‍යාවකට දැඩි බලපෑමක් සිදු වී තිබේ. අමෙරිකාවේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ ඇති හිම කුණාටු තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ නැගෙනහිර ප්‍රදේශය කරා ගමන් කරනු ඇති බවට එරට ජාතික කාලගුණ සේවය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
හිම කුණාටුවේ අවදානම හේතුවෙන් වර්ජිනියා ඇතුළු ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය. හිම කුණාටුවත් සමග ඇතිවන හිම පතනය, දශකයකට පමණ පසුව සිදුවන දරුණුතම හිම පතනය විය හැකි බව අමෙරිකානු කාලගුණ බලධාරීන් සඳහන් කර ඇත.
හිම කුණාටුවත් සමග ඇතිවන හිම පතනය දශකයකට පමණ පසුව සිදුවන දරුණුතම හිම පතනය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කුණාටුව හේතුවෙන් ගුවන් ගමන් 5,000කට අධික සංඛ්‍යාවක් ප්‍රමාද වී ඇති අතර සහ ගුවන් ගමන් 1,500ක් අවලංගු කර තිබේ. එමෙන් ම, එරට ප්‍රාන්ත කිහිපයක පාසල් ද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
