දසවැනි පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා
ගරු (ආචාර්ය) ජගත් වික්‍රමරත්න දසවැනි පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස තේරී පත්වේ
ශ්‍රී ලංකා පොලිසියේ වසර 158 ක ඉතිහාසයේ ප්‍රථම වරට දිස්ත්‍රික්කයක් අධීක්ෂණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරියක් පත්කර තිබෙනවා. ඒ අනුව පොලිස් සුබසාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයේ මෙතෙක් රාජකාරි ඉටුකළ පද්මිණී වීරසූරිය, කළුතර දිස්ත්‍රික් පොලිස් ප්‍රධානියා ලෙස ස්ථාන මාරුකර ඇති බවයි සඳහන් වෙන්නේ. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් අදාළ පත් කිරීම…
සිර දඬුවම් නියමව සිටි මෙන්ඩිස් ඩිස්ටිලරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තවත් අයෙකු ඊයේ (22) නිදහස් කර තිබෙනවා. ඒ අනුව රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත ඔවුන්ට මාස 4 ක සිර දඬුවමක් නියම වී තිබුණා. අදාළ දඬුවම් කාලයෙන් පසු ඔවුන් දෙදෙනා මුදා හැර ඇති බවයි වාර්තා වෙන්නේ.
පෙබරවාරි 25 වන දින, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙතින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය. අද (25) පෙරවරුවේ බෙලිඅත්ත ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ මූල්‍ය අපරාධයක් සම්බන්ධයෙන් වන පරීක්ෂණයක් සදහාය. 2006 අංක 5 දරන මුදල්…
සියඹලාණ්ඩුව මෙගාවොට් 100 ක සූර්ය බල උද්‍යාන ව්‍යාපෘතිය කඩිනම් ආරම්භ කිරීම සඳහා පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට (SLSEA) ප්‍රදානයක් ලෙස හෙක්ටයාර් 219.7233 ක භූමි ප්‍රමාණයක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් යෝජනාවක් අනුමත කර ඇත. 2030 වන විට රටේ විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හරහා සපුරාලීම රජයේ ඉලක්කය බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය…
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය හිමිට කොළඹ මහාධිකරණය ඇප ලබාදී තිබෙනවා. ඉස්ලාම් දහම පිළිබඳව අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස නවයක ලිහිල් සිරදඬුවමක් නියම වී තිබේ. මෙම නඩුවට අදාළව ගොනු කර ඇති අභියාචනයක් විභාග කර අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තෙක් ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඥානසාර හිමියන්ගේ නීතීඥවරුන් එම දඬුවමට එරෙහිව ගොනු කළ…
විද්‍යුත් බෝට්ටු යොදවා බේරේ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය පවසනවා. එම වැඩපිළිවෙළ අනුව, සූර්ය බලයෙන් ක්‍රියාත්මක විද්‍යුත් බෝට්ටු යොදවා, දිනකට කිලෝග්‍රෑම් 3000 ක් පමණ අපද්‍රව්‍ය ඉවත් කෙරෙන බවයි එම ඒකකය සඳහන් කර සිටියේ. නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති මෙම වැඩපිළිවෙළ සඳහා ඉදිරියේදී බෝට්ටු 04ක් යෙදවීමට…