දැයේ දියණිවරුන්ට සුරක්ෂිත ජීවිතයක් හා ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැඟීම අරමුනයි – ජනපති

දැයේ දියණිවරුන්ට සුරක්ෂිත ජීවිතයක් හා ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැඟීම උදෙසා, අප රට නව පුනරුදයක් කරා ගෙන යන ගමනට එක්වන ලෙස සමස්ත කාන්තා පරපුරට ආරාධනා කරන බව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් උණුසුම් සුබපැතුම් පිරිනමමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

පසුගිය කාලය පුරා අප රටේ කාන්තා දින සැමරුම් පවත්වමින්, බොහෝ සංවාද හා කතිකා ගොඩනැඟූ බවත්, නමුත් වේදිකාවට පමණක් සීමා වූ එම කතාබහ මහපොළොවේ යථාර්ථයක් ලෙස රෝපණය නොවූ බවයි ඔහු සඳහන් කරන්නේ.

ජාතික ජනබලවේගය ආණ්ඩුව ගොඩ නැඟීමෙහි ලා ශ්‍රී ලාංකික කාන්තාව දුන් දායකත්වය අතිමහත් වන බව ද, ඒ මහා කාර්යයට රජයක් ලෙස කෘතගුණ පෙරළා පිරිනමන බව ද, ගෙවී ගිය කෙටි කාලය තුළ ශ්‍රී ලාංකික කාන්තාවට ජයග්‍රහණ රැසක් අත්කර දීමට අවැසි මුල් පියවර තබා ඇති බවද ජනාධිපතිවරයා සිය කාන්තා දින පණිවුඩය මගින් පෙන්වා දෙනවා.

සාකච්ඡාවට පමණක් බඳුන් වූ කාන්තාවගේ දේශපාලන නියෝජනය, සහභාගිත්වය සහ භූමිකාව ඉහළ නංවමින් පසුගිය මහ මැතිවරණයේදී කාන්තාවන් විසි දෙදෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස තේරී පත්වීම මෙරට දේශපාලනයේ හැරවුමක් බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව “සියලු කාන්තාවන් හා ගැහැනු දරුවන් සඳහා සමානාත්මතාව, අයිතිවාසිකම් සහ සවිබල ගැන්වීම” යන තේමාව යටතේ “තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක්” යන ‍තේමාවෙන් මෙවර කාන්තා දිනය සංවිධානය කිරීමෙහි ප්‍රායෝගික හා අර්ථ සම්පන්න බව සිහිපත් කළ යුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා සිටින්නේ.

නිල නිවේදනය පහතින්.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *