‘‘දිනන දකුණ සාමූහිකය’’ රටේ අනාගතය උදෙසා දේශපාලන සන්ධානයක් ගොඩනගයි

දක්ෂිණාංශික දේශපාලන ඒකීයභාවයක් ගොඩනැගීමට නම් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යන පක්ෂ දෙක එකතු වීමෙන් පමණක් එය කළ නොහැකි බවත්, එය වඩා හොදින් සාක්ෂාත් කරගැනීමට නම් දක්ෂිණාංශික දෘෂ්ටිමය එකමුතුවක් මත පදනම් වූ දේශපාලන සන්ධානයක් ගොඩනැගිය යුතු බවත් ‘‘දිනන දකුණ සාමූහිකය’’ සඳහන් කරයි.

එම සාමුහිකය මෙම අදහස සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යන පක්ෂ දෙක එකතූ වීම සඳහා සාකච්ඡා අරඹන මොහොත අලළා නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයකිනි.

එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ ‘‘දිනන දකුණ සාමූහිකය’’යනු, හුදෙක් දේශපාලන බලය ලබා ගැනීම පමණක් අරමුණු කරගත් සන්ධානයක් පමණක් නොව, වඩා දක්ෂිණාංශික දෘෂ්ටිමය පදනමක් සහිත දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාව ද ඔවුන් අවධාරණය කරන බවයි.

මෙම බුද්ධිමය නිර්ණායක සහ ප්‍රතිපත්තිමය ප්‍රවිෂ්ට සැලකිල්ලට ගෙන රටේ අනාගතය උදෙසා දේශපාලන සංවාදයක් ගොඩනැගීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායකයින්ගෙන් ‘‘දිනන දකුණ සාමූහිකය’’ ඉල්ලා සිටියි.

පහතින් දැක්වෙන්නේ‘‘දිනන දකුණ සාමූහිකය’’ විසින් නිකුත් කරනු ලැබ තිබෙන සම්පුර්ණ නිවේදනය යි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *