නව පාප් වහන්සේ තෝරා පත්කරගැනීම අද

නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන රහසිගත ඡන්දය අද (07) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද සිස්ටීන් දේවස්ථානය තුළ මෙම ඡන්ද විමසීම දැඩි රහස්‍යභාවයෙන් යුතුව පැවත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජයග්‍රාහකයෙකු තීරණය කරන තෙක් කාදිනල්වරු තමන්ගේ කැමැත්ත පවතින අපේක්ෂකයාට ඡන්දය දීම අඛණ්ඩව සිදු කරන අතර නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීමෙන් අනතුරුව එම දේවස්ථානයේ දුම් කවුලුවෙන් සුදු දුමාරයක් නිකුත් විය යුතු වනවා.

දැනට සිටින කාදිනවල්වරුන් අතරින් මෙලෙස නව පාප්වහන්සේ තෝරා ගැනීම සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *