පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකාව කඩුළු 9ට ලකුණු 229යි
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සදහා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා පිල කඩුළු 9ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 229කි.
දිනය නිමාවන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් රැස්කර ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 74කි.
සිය අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩාකරන දිමුත් කරුණාරත්න පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 36ක් රැස්කර ගෙන සිටියදි දැවී ගියේය.
පන්දු යැවීමේදී මිචෙල් ස්ට්‍රාක් සහ නේතන් ලියොන් කඩුළු 3 බැගින් දවා ගැනීමට සමත් විය.
මැතිව් කුහ්නෙමන් දවාගත් කඩුළු සංඛ්‍යාව 2කි.
හෙට තරගයේ දෙවන දිනයයි.