රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සභාපතිත්වයට – අරවින්ද සෙනරත්
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (24) රැස්වූ අවස්ථාවේ ඔහු එහි සභාපතිත්වයට තෝරා පත් කර ගෙන තිබෙනවා.
සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ නම ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්වරු විසින් පිළිවෙලින් යෝජනාකර ස්ථිර කළා.
කාරක සභාව අමතමින් අභිනව සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ රට දැවැන්ත මූල්‍ය අර්බුදයෙන් නිවැරදි දිශානතිය වෙත රැගෙන යාමේ අභියෝගය ජය ගැනීම සඳහා සියලු දෙනාගේම කැපවීම අපේක්ෂා කරන බවයි.
එසේම කාරක සභාවේ ඉදිරි කටයුතු ඉතා අපක්ෂපාතීව සහ ස්වාධීනව ඉටුකිරීමට අපේක්ෂා කරන බවත් නොබියව නිවැරදි තීන්දු තීරණ ගෙන ජනතා අපේක්ෂාවන් ඉටුකිරීමට කිසිසේත්ම පසුබට නොවන බවත් සභාපතිවරයා
අවධාරණය කළා.