පාරිභෝගික අධිකාරිය ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරයි

ටින් මාළු මිල නියාමනය කිරීමේ අරමුණින් පාරිභෝගික අධිකාරිය විසින් විවිධ වර්ගයේ ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

නව රෙගුලාසිවලට අනුව ග්‍රෑම් 425ක ටූනා ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 380ක් වන අතර ග්‍රෑම් 155ක උම්බලකඩ ටින් එකක් රුපියල් 180කට සීමා කර තිබේ.

මීට අමතරව ග්‍රෑම් 425ක කොස් මෑකරල් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 560කි.

මෙම මිල පාලනයන් දෙසැම්බර් 28 අද සිට ක්‍රියාත්මක වන බව පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කර ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *