පාරිසරික විෂ සහ ආර්ථික අභියෝග මැද ජීවිත තවත් අර්බුදයකට

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය දැඩි සෞඛ්‍ය ගැටළුවක් වී ඇති අතර, විශේෂයෙන් උතුරු මැද පළාතේ ජනතාවට බරපතල බලපෑම් එල්ල කරයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් වකුගඩු රෝගීන් 5,578ක් සිටින බවත්, මසකට සාමාන්‍යයෙන් 100ක් පමණ නව රෝගීන් හඳුනාගන්නා බවත් වාර්තා වේ.

වකුගඩු රෝගයට ප්‍රධාන හේතු ලෙස දියවැඩියාව, අධි රුධිර පීඩනය, ගුච්ඡිකා ප්‍රදාහය (Glomerulonephritis), කෝෂ්ඨ රෝග (Cystic disease), මුත්‍රා මාර්ග ආසාදන, මුත්‍රා ගල් සහ වකුගඩු ආසාදන පෙන්වා දෙනු ලබයි. නමුත්, උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන් අතර, මෙම සාම්ප්‍රදායික හේතු නොමැතිව රෝගය ව්‍යාප්ත වීමක් දක්නට ලැබේ. ඒ සඳහා පාරසරික විෂ වර්ග, බැර ලෝහ (කැඞ්මියම්, ආසනික් වැනි), ෆ්ලෝරයිඞ්, ඇලුමිනියම් සහ ඇලුමිනියම් ෆ්ලෝරයිඞ් සංකීර්ණයන් බලපාන බවට සැක කෙරේ.

වකුගඩු රෝගය වැළැක්වීම සඳහා දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග කල්තියා හඳුනාගෙන, නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම මඟින් වකුගඩු රෝගය සෑදීමේ අවදානම අඩු කළ හැකි බව විශේෂඥයින් පෙන්වා දෙති.

මෙම තත්ත්වය හමුවේ, වකුගඩු රෝගය වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා රජය සහ සෞඛ්‍ය අංශ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී. නමුත්, රෝගීන්ගේ පවුල්වල ආර්ථික සහ සමාජ තත්ත්වය කඩා වැටීම, මානව සම්පත් හා යටිතල පහසුකම් අවම වීම යනාදිය තවදුරටත් අභියෝග ලෙස පවතින බව වාර්තා වේ

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ආයතන සමඟ එකතු වී, වකුගඩු රෝගය හඳුනාගැනීමේ හා වෛද්‍ය ප්‍රතිකාර ගැනීම්වලට මූල්‍ය සහාය ලබා ගනිමින් සිටී.
මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා පවතින පද්ධති සවිබල ගැන්වීම හා වකුගඩු රෝගීන් සඳහා දිගුකාලීන ක්‍රම වේදයක් සකස් කිරීම අත්‍යවශ්‍ය වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *