පුද්ගලයින් 67 දෙනෙකු රැගත් එම්බ්‍රේර් 190 ගුවන් යානයක් කඩා වැටේ
පුද්ගලයින් 67 දෙනෙකු රැගත් අසර්බයිජාන් ගුවන් සේවයට අයත් එම්බ්‍රේර් 190 මගී ගුවන් යානයක් කඩා වැටී ඇත්තේ කසකස්තානයේ අක්තාවු නගරය ආසන්නයේ පිහිටි ගොවිපොළක් අසලය.
මෙම අනතුරෙන් 25 දෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර ඔවුන්ගෙන් 22 දෙනෙකු රෝහල් ගත කර ඇත. යානය කඩා වැටීමෙන් පසු ගිනි ගැනීම් සිදුවූ නමුත් එය පසුව නිවා දැමීමට සමත් වී ඇත. අනතුරට හේතුව අයහපත් කාලගුණයද නැතහොත් යානයේ කාර්මික දෝෂයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. එම්බ්‍රේර් 190 ගුවන් යානයේ මගීන් 62 ක් සහ කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු සිටි බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.
යානයේ සිටි අයගෙන් වැඩි දෙනෙක් අසර්බයිජානියානු ජාතිකයන් වූ නමුත් රුසියාව, කසකස්තානය සහ කිර්ගිස්තානය යන රටවලින් පැමිණි සමහර මගීන් ද එහි සිටි තිබේ. අක්තාවු ගුවන් තොටුපළ විවෘතව පවතින අතර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව බලධාරීහු පවසති.