බස්නාහිර පළාතේ ටියුෂන් තහනම තාවකාලිකව අත්හිටුවයි
බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම සීමා කිරීම සඳහා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි, මෙම චක්‍රලේඛය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකර, ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා තෙක් එය අත්හිටුවා ඇත.
මෙම චක්‍රලේඛය අනුව, ගුරුවරුන්ට තම පාසල්වල සිසුන්ට මුදල් අය කරමින් උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබුණි.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ අදාළ චක්‍රලේඛයට විරෝධතා මතුවූ බැවින් එය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කළ බවයි.