බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්
බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට බදාදා අලුයම මුම්බායිහි පිහිටි ඔහුගේ 11 වන මහලේ නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙකු සොරකම් කිරීමට යාමේදී මෙම සිද්ධිය ඇති විය.
ඔහුට පිහියෙන් හය වතාවක් ඇන තිබු අතර එක් තුවාලයක් ඔහුගේ කොඳු ඇට පෙළට බරපතල ලෙස හානි වී ඇත. ඔහු මේ වන විට ලීලාවතී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
සයිෆ් අලි ඛාන්ගේ පවුලේ සාමාජිකයින් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
“සායිෆ් අලි ඛාන් මහතාගේ නිවසේ සොරකම් කිරීමේ උත්සාහයෙදී මෙය සිදුවුයේ. හු දැනට ශල්‍යකර්මයකට භාජනය කරමින් රෝහල්ගතව සිටීනවා. මාධ්‍ය සහ රසික රසිකාවියන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි. එය පොලිසියේ කාරණයක් අපි තත්ත්වය පිළිබඳව ඔබව දැනුවත් කරන්නම්.