මැක්‍රෝන් ට්‍රම්ප් හමුවෙයි

රුසියන් යුක්රේන යුද්ධය විසඳීමේදී යුක්රේනයට අසාධාරණයක් නොකරන්නැයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළ බවයි.

යුක්රේනයට සාමය උදා කිරීම යනු, යුක්රේනය රුසියාවට යටත් නොවීම යැයි මැක්රොන් ට්‍රම්ප්ට පෙන්වා දුන්නේය.

ට්‍රම්ප් රුසියන් යුක්රේන යුද්ධය විසඳීමට සූදානම් වන්නේ රුසියාවට පක්ෂව යැයි යුක්රේනයේ හිතවතුන් වන ප්‍රංශය ද ඇතුළු සෙසු යුරෝපා රටවල් චෝදනා කරයි.

සුහඳශීලීව පැවැති සාකච්ඡා අතරතුරේ ට්‍රම්ප් මැක්රොන්ට පෙන්වා දුන්නේ රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් නොකළොත්, එය තෙවැනි ලෝක යුද්ධය තෙක් දුරදිග යෑම නැවැත්විය නොහැකි බවයි. එසේ වීමට තමන් කිසිසේත් ඉඩ නොදෙන බවට ට්‍රම්ප් පොරොන්දු විය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *