මැතිවරණ කාලසීමාවේ රාජ්‍ය දේපල අවභාවිතය වළක්වමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ
පාලන ඡන්ද විමසීම් කාලසීමාවේ රාජ්‍ය ආයතනවලට අයත් දේපළ අවභාවිතය වළක්වමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, කොමිෂන් සභා ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.