මෙක්සිකෝ බොක්කේ නම වෙනස් වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකෝ බොක්ක (Gulf of Mexico) “ඇමෙරිකා බොක්ක” ලෙස නම් කිරීම සඳහා විධායක නියෝගයකට අත්සන් තබා ඇත. මෙම නියෝගය, ජනාධිපති ට්‍රම්ප්ගේ නිල ගුවන් යානය වන Air Force One යානය මෙක්සිකෝ බොක්ක ඉහළින් ගමන් කරන අවස්ථාවේදී අත්සන් කරන ලදී.
මෙම පියවර, ජනාධිපතිවරයාගේ මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමක් ලෙස සැලකේ. නමුත්, මෙක්සිකෝ බොක්කේ නම වෙනස් කිරීම පිළිබඳව විවිධ අදහස් පළවෙමින් පවතී.