යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඔහු අද (25) පෙරවරුවේ බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පෙරේදා උපදෙස් දුන් නීතිපතිවරයා ප්‍රකාශ කළේ රුපියල් කෝටි 100ක ඉඩම් නඩුවක වගඋත්තරකරුවෙකු ලෙස යෝෂිත නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවයි.