රනිල් බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

වෛද්‍ය උපදෙස් අනුව ඒ මහතාව මෙසේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ.

ඊයේ (22) රාත්‍රී 10.00 ට පමණ ලබාදුන් අධිකරණ නියෝගයෙන් අනතුරුව වික්‍රමසිංහ මහතාව වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගිය අතර එහිදී වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් පරීක්ෂා කර ඇති බවත් ඔහුගේ රුධිර පීඩනය සහ රුධිරගත සීනි මට්ටම වැඩිවී තිබීම හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *