රනිල් සිකුරාදා CID එකට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.

ඒ, රජයේ මුදල් යොදාගෙන සිදුකළැයි කියන පෞද්ගලික විදෙස් සංචාරයක් පිළිබඳව කෙරෙන විමර්ශනයට අදාළවයි.

2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල එම සංචාරය සිදුකර ඇති අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග 10 දෙනෙකු සංචාරයට සහභාගිවී ඇතැයි සඳහන්.

සිද්ධීය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් සහ හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම්වරියක වූ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගත්තා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *