රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා බාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා කල්පිටිය, කප්පලඩි මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 90 යි ග්‍රෑම් 45 ක් පමණ (තෙත් බර) මුහුදේ ගසාගෙන ගොස් ඇත.

මුහුදු මාර්ග ඔස්සේ සිදුවන අපචාර ක්‍රියා වැළැක්වීමේ අරමුණින් නාවික හමුදාව දිවයිනේ වෙරළබඩ සහ මුහුදු ප්‍රදේශවල පැය 24 පුරාම සෝදිසියෙන් සිටියි.

මෙම ප්‍රයත්නවල දිගුවක් ලෙස වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය විසින් වෙරළ මුර යාත්‍රා යොදවා මෙම මෙහෙයුම සිදු කරන ලදී. මෙහෙයුමෙන් කප්පලඩි මුහුදු ප්‍රදේශයේ ගසාගෙන යමින් තිබූ සැකකටයුතු පොලිතින් ගෝනි 03ක් ගොඩගැනීමට හැකිවිය. පාර්සල් 30ක පුරවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 90යි ග්‍රෑම් 45ක් පමණ (තෙත් බර) ගෝනිවල තිබී ඇත.

නාවික හමුදාවේ නිරන්තර මෙහෙයුම් හේතුවෙන් කේරළ ගංජා තොගය මෙරටට ගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් අතහැර දමන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. මේ අතර අත්අඩංගුවට ගත් කේරළ ගංජාවල දළ වීදි වටිනාකම රුපියල් කෝටියකට අධික බවයි විශ්වාස කෙරේන්නේ . කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදාව භාරයේ සුරක්ෂිතව තබා ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *