රුවන්ඩා මහ කොමසාරිස් ශ්‍රී ලංකා අගමැති හමුවෙයි.
රුවන්ඩා මහ කොමසාරිස් ජැකලින් මුකන්ගිරා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පෙබරවාරි 3 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවිය.
ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කිරීම සහ ප්‍රධාන අංශවල අන්‍යෝන්‍ය අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු විය.
ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා පවත්වා ගැනීමට රුවන්ඩාවේ කැපවීම මහ කොමසාරිස් මුකන්ගිරා යළි අවධාරණය කළේය.
දෙරට අතර වෙළෙඳාම, ආයෝජනය සහ දැනුම හුවමාරු කිරීම පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කේන්ද්‍රගත විය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත සහ අප්‍රිකානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් වරුණ විල්පත යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.
විවිධ අංශවල අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ වර්ධනය ඉලක්ක කර ගනිමින් රුවන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව ශක්තිමත් කිරීමට අඛණ්ඩව දරන උත්සාහයන් මෙම හමුවෙන් අවධාරනය කෙරේ.