ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමට නීතිපතිවරයාගේ නිර්දේශය PWJA හෙළා දකී
ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා කළ නිර්දේශය ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය (PWJA) දැඩි ලෙස හෙළා දකී.
උතුරේ, දකුණේ සහ නැඟෙනහිර ප්‍රදේශවල මාධ්‍යවේදීන් ඝාතනය කළ සහ හිරිහැර කළ අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවනවා වෙනුවට එවැනි නිර්දේශයක් ඉදිරිපත් කිරීම පිළිබඳව PWJA සිය කණගාටුව ප්‍රකාශ කරයි.
සැකකරුවන් තිදෙනාට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පැමිණිල්ල අපේක්ෂා නොකරන බව ද නීතිපතිවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන් කළ PWJA වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩු හසුරුවන සැඟවුණු බලවේග යළිත් ක්‍රීඩා කරන්නේ දැයි බරපතළ සැකයක් මතුවන බවයි.
මෙය නිදහස්, අව්‍යාජ මාධ්‍යවේදීන්ට කරන ලද අනතුරු ඇඟවීමක් දැයි නැවත සිතා බැලීමට ද අපට බලකෙරේ.
විශේෂයෙන්ම මිනීමැරුම් කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මීට පෙර ප්‍රතිඥා දී තිබූ පසුබිමක නීතිපතිවරයාගේ අත්තනෝමතික පියවර පිළිබඳව සොයා බැලීමේ වගකීමක් NPP රජයට ඇති බව PWJA වැඩිදුරටත් සිහිපත් කරයි.
PWJA ප්‍රකාශය මෙසේය.