ලොවම හැඩකළ කසුන් – කුෂාණි ගායන රිද්මය

සංගීත ලෝකය දිග් විජය කරනවා යනු ලෙහෙසි පහසු කාරණයක් නොවෙයි. ඒ වෙනුවෙන් හැකියාව, දක්ෂතාවය සේම වාසනා මහිහයක්ද තිබිය යතුය. තමන් සතු ඉලක්ක හඹා යෑමට හැකියාව දක්ෂතාවය පමණක්ම නොව උත්සාහය, කැපවිම යන්නද අත්‍යාවශ්‍යයෙන්ම බලපාන්නේය .මේ සියල්ල එක්තැන් වූ තැන යමෙකුගේ සාර්ථකත්වයේ රහස නිර්මාණය වන්නේය. එවන් සාර්ථකත්වයකින් තම ජීවිතය සෞන්දර්ය චාරිකාවක වාසභූමියක් කර ගත් අපේ කාලයේ සංගීතඥයෙකු මෙන්ම ගායකයකු වන කසුන් කල්හාරත්, මේ හා සමානවම ගායන හැකියාවැති සේම උත්සාහයත්, කැපවීමත් දරා ගනිමින් සංගිත ගමනෙහි අති සාර්ථකව නියැළෙන කුෂාණි සඳරේකා පිළිබඳ මේ සටහන ලියවෙනුයේ.

කසුන් හා කුෂාණි ගැන මෙරට සංගිත ලෝලී රසික රසිකාවන්ට අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. ඔවුන් දෙදෙනාම සතු වන්නේ, මෙරට සංගිත ක්ෂේත්‍රයේ කාලාන්තරයක් පුරා නිධන් කොට පැවති, රසික රසිකාවන් අශ්ලාදයෙන් වැලඳ ගත් සංගීත නින්නාදයන්හි අපූර්ව ජානය. ලාංකේය සංගිත ඉතිහාසයේ මියුරුතම තනු නිර්මාපකයා වශයෙන්, රටක් වසඟ කළ ගීත නිර්මාණ රැසක් නිර්මාණය කළ සංගීතවේදී එච්. එම්. ජයවර්ධනයන්ගේ ස්වර රටා කසුන් තුළින් නොදකි නම් එයමය විශ්මයට කාරණය. අද අප එය දකිනුයේ එච්. එම්. ජයවර්ධනයන් අබිබවා ගිය, වර්තමාන සංගීත ලෝකයේ අනාගතය නිර්මාණය කරන සුවිශේෂී ස්වර ඥානයක හිමිකරුවා ලෙසිනි. එසේම ඔහුගේ ආදරණීය මෑණියන්ගේ, මෙරට රසික ජනතාව ලද ආශ්වාදනිය මියුරු හඬ පෞරුෂයද අපට කිසිදා අමතක කළ නොහැකිය. පියාගේ ස්වර ඥානයත් මවගේ ආදරණීය හඬ පෞරුෂයත් ජාන මිශ්‍රව කසුන් නමින් මෙරට බිහිකළ මේ අපූර්වතම මිනිසා තමන්ටම අනන්‍ය වූ සංගීත ගමනක් නිර්මාණය කරමින් සුවහසක් මෙරට ගීත ශ්‍රාවක සිත් වසඟයට ගෙන ඇත්තේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *