විද්‍යුත් බෝට්ටු යොදවා බේරේ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ
විද්‍යුත් බෝට්ටු යොදවා බේරේ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය පවසනවා.
එම වැඩපිළිවෙළ අනුව, සූර්ය බලයෙන් ක්‍රියාත්මක විද්‍යුත් බෝට්ටු යොදවා, දිනකට කිලෝග්‍රෑම් 3000 ක් පමණ අපද්‍රව්‍ය ඉවත් කෙරෙන බවයි එම ඒකකය සඳහන් කර සිටියේ.
නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති මෙම වැඩපිළිවෙළ සඳහා ඉදිරියේදී බෝට්ටු 04ක් යෙදවීමට නියමිතව ඇති අතර, ඒ හරහා බේරේ වැවේ ජල තත්ත්වය වැඩිදියුණු කිරීම, පරිසර පද්ධතිය ප්‍රතිසාධනය, බේරේ වැව ආශ්‍රිත කලාපයේ සෞන්දර්යය අගය වැඩිදියුණු කිරීම සහ ප්‍රජා සෞඛ්‍ය ආරක්ෂාව වැනි කාර්යයන් ඉටුකර ගැනීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.