විදේශිකයින්ට ත්‍රීරෝද රථ ලබාදීමේදී හිමිකරුවන්ට නීති මාලාවක් හඳුන්වාදීමට පියවර

විදෙස් සංචාරකයින් මෙරටදී ත්‍රීරෝද රථ පැදවීම සහ ඒ ආශ්‍රිත අනතුරු අවම කිරීම සම්බන්ධයෙන් පොලිස් රථවාහන මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් රට තුළදී ත්‍රීරෝද රථ පැදවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවයි ‍පොලීසිය සඳහන් කරන්නේ.

එසේම පසුගිය කාලය තුළ මේ සම්බන්ධයෙන් සිදුවූ අනතුරු ප්‍රමාණය ද ඉහළ ගොස් ඇති බවයි පොලීසිය පෙන්වා දෙන්නේ.

විදේශිකයන් සඳහා වාහන ලබාදීමේදී විශේෂයෙන් ත්‍රීරෝද රථ ලබාදීමේදී මෙරට වාහන පැදවීම සඳහා නිසි වලංගු රියදුරු බලපත්‍රයක් සන්තකයේ තිබේද යන්න නිවැරදිව පරීක්ෂා කර බලා අදාළ වාහන ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි පොලීසිය සංචාරකයන් සඳහා වාහන ලබාදෙන ආයතන හා හෝටල් හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *