විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය පැය 24 පුරාම ක්‍රියාත්මක වේ
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කඩිනම් කිරීම සඳහා අවශ්‍ය අතිරේක කාර්ය මණ්ඩලය සැපයීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
අද (05) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ විදේශ ගමන් බලපත්‍ර හිඟය මඟහරවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ නිර්දේශවලට අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව දැනට පවතින විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය මඟහරවා ගැනීම සඳහා පැය 24 පුරාවටම විගමන හා ආගමන දෙපාර්තමේන්තුවේ කටයුතු පහසු කරමින් දිනකට විදේශ ගමන් බලපත්‍ර 4000ක් නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.
එබැවින් රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශයේ අනුමැතියෙන් දැනට රජයේ සේවයේ නියුතු නිලධාරීන් අනුයුක්ත කිරීමට අමතරව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව ඇතිව කොන්ත්‍රාත් පදනම මත එම දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් යොදවා ඒ සඳහා අවශ්‍ය අතිරේක කාර්ය මණ්ඩලය සැපයීමට මහජන ආරක්‍ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.