වෛද්‍ය වර්ජනය අත්හිටුවීමට තීරණය කෙරේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිතව තිබූ සංකේත වැඩ වර්ජනය අත්හිටුවීමට එම සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

හෙට පැවැත්වීමට නියමිතව තිබූ වැඩවර්ජනය අයවැය තෙවනවර කියවීමේ අවසන් දිනය වන මාර්තු 21 වනදා දක්වා කල් තබන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *