ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන්න
සංචාරකයින්ගේ ආකර්ශනීය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
“පිරිසිදු ශ්‍රී ලංකා” වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයන් ශක්තිමත් කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකාව ආසියාවේ වටිනාම සහ පරිසර හිතකාමී දූපත්වලින් එකක් ලෙස ස්ථානගත කිරීම සම්බන්ධයෙන් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.
මීට අමතරව, පාරිසරික හා සංස්කෘතික මාර්ග ඔස්සේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි ද සාකච්ඡා යොමු විය. රටේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රගමනය සඳහා විධිමත් සහ අවිධිමත් යන දෙඅංශයේම සියලුම පාර්ශ්වකරුවන් ඒකරාශී කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, පරිසර අමාත්‍ය ආචාර්ය දම්මික පටබැඳි, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, අධ්‍යක්ෂ ජනරාල් මධ්‍යම සංස්කෘතික අරමුදල ආචාර්ය ටී.එම්.ජේ. නිලාන් කුරේ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.