ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දෙවන එක්දින තරගය අද
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන හා අවසන් එක්දින තරගය අද (14) පැවැත්වෙනවා.
ඒ අනුව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී දිවා තරගයක් ලෙස පැවැත්වෙන මෙම එක්දින තරගය අද පෙරවරු 10.00 ට ආරම්භවීමට නියමිතයි.
දෙරට අතර පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 49 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.