ශ්‍රී ලංකා-ඉන්දියා-ද.අප්‍රිකා ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි
සත්කාරක ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි.
තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතරයි.
කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අද තරගය පෙරවරු 10.00ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
සෑම කණ්ඩායමක්ම මූලික වටයේදී තරග 4 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක අතරයි අවසන් තරගය පැවැත්වෙන්නේ.
සියලු තරග දිවා තරග ලෙස පැවැත්වෙන බව ද ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
තරග කාලසටහන –
27th April – Sri Lanka vs India
29th April – India vs South Africa
1st May – Sri Lanka vs South Africa
4th May – Sri Lanka vs India
6th May – South Africa vs India
8th May – Sri Lanka vs South Africa
11th May – Finals