ෂෙයික් හසීනා යළි රටට එවන්න ඉන්දියාවට ලිඛිත ඉල්ලීමක්

බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍යනී ෂෙයික් හසීනා මහත්මිය ඉන්දියාවට පලාගොස් සිටින අතර, බංග්ලාදේශයේ නව අන්තර්වාර පාලනය ඇයව නැවත රටට පිටුවහල් කරන ලෙස ඉන්දියාවෙන් ලිඛිතව ඉල්ලා ඇත.

77 හැවිරිදි ෂෙයික් හසීනා මහත්මිය, පසුගිය අගෝස්තු 5 වැනිදා, මහජන විරෝධතා හමුවේ ධුරයෙන් ඉල්ලා අස්වී ඉන්දියාවට පලා ගියේය.

බංග්ලාදේශයේ නව පාලනය, ආචාර්ය මොහොමඩ් යූනුස් මහතාගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර පාලනයක් ලෙස කටයුතු කරයි.

බංග්ලාදේශය සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක උදර්පණ ගිවිසුමකට අනුව, නීති විරෝධී ක්‍රියාවක් සිදුකර ඇතැයි චෝදනා එල්ල වූ පුද්ගලයින් පිටුවහල් කිරීමේ හැකියාව පවතින බව බංග්ලාදේශයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. පසුගිය දා ඉන්දීය විදේශ ලේකම්වරයාගේ නිල බංග්ලාදේශ සංචාරය අතරතුරදී ද හිටපු අග්‍රාමාත්‍යනිය යළි බංග්ලාදේශයට එවීම සම්බන්ධයෙන් අවධානය යොමුවූ බව විදෙස් වාර්තා සඳහන් කරයි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *