සමීර නාඔටුන්නගේ The wife වයිෆ් ” චිත්‍රපටයේ වැඩ ආරම්භ වෙයි

සම්මාන රැසකට පාත්‍රවූ ” මෝට බයිසිකල් ” සමගින් ” සිහින නෙළුම් මල් ” සිනමාවට තිළිණ කල යොවුන් නිර්මාණවේදී සමීර නාඔටුන්න සිය තෙවන සිනම නිර්මාණය ලෙසින් තිර රචනය , ගේය පද ලියමින් අධ්‍යක්ෂණය කරන ” වයිෆ්” චිත්‍රපටයේ වැඩ කටයුතු පසුගිය දා ආරම්භ විය . තරුණ විවාහක යුවලක් වන මාධව සහ නිර්මලාගේ ජීවන අරගලයත් , දරුවෙකු පිළිබඳව ඔවුන්ගේ සිහිනයත් අතර දෝලනය වන හා ප්‍රධාන රැකියාවට අමතරව අතිරේක ආදායම් මාර්ගයක් සොයා යාමේදී මාධව මුහුණ දෙන අනපේක්ෂිත මෙන්ම සංකීර්ණ ගැටළු හමුවේ , ඔවුන්ගේ පවුල් සංස්ථාව තුල ඇතිවන ව්‍යාකූලතා ද , නොබිදී නොගිලිහී සිය ජීවිත , සෙනෙහස ආදරය පෙරදැරිව පවත්වාගෙන යාමට දරණ අධිෂ්ඨානශීලී මෙන්ම අනුවේදනීය වූ උත්සාහයේ ඉරණම් කතාවයි වයිෆ් තුලින් විවරනය වන්නේ . මාධව හා නිර්මලා ලෙසින් හේමාල් රණසිංහ සමගින් උදාරී වර්ණකුලසූරිය රංගනයේ යෙදෙන මෙහි දිනෙත් ද සිල්වා , උමා අශේනි , සුලෝචනා වීරසිංහ , වීණා ජයකොඩි , ලක්ෂ්මන් මෙන්ඩිස් , ප්‍රියන්ත සෙනෙවිරත්න ,නෙතලී නානායක්කාර , ප්‍රියන්ත ලලිත් , ටීනා ශනෙල් , රොබෙකා දිල්රුක්ෂි , රුක්ෂානා දිසානායක ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මේ සඳහා දායකව ඇත.වරුණ අරඹගේ නිෂ්පාදනයක් වන ” වයිෆ්” කැමරාකරණයෙන් චින්තක සෝමකීර්ති , අංග රචනයෙන් බුවණෙක රණවක , කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත , ශබ්ද පරිපාලනයෙන් අරුණ ප්‍රියන්ත කළුආරච්චි , නිෂ්පාදන කළමනාකරණයෙන් හැරල්ඩ් කරුණාරත්න , සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් තිස්ස සුරේන්ද්‍ර , සංගීත අධ්‍යක්ෂණයෙන් චිත්‍රාල් සෝමපාල , ගීත ගායනයෙන් රෝහිත ජයලත් සහ චිත්‍රාල් සෝමපාල ද , සහය අධ්‍යක්ෂණයෙන් ප්‍රසන්න විජේසිංහ හා නිශ්චල ඡායාරූපකරණයෙන් අමල් රෝස් ” වයිෆ් ” සමගින් එක්වී සිටී .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *