සරසවි ප්‍රවේශයට 64.43%ක් සුදුසුකම් ලබයි

2024 උසස් පෙළ ප්‍රතිපල අනුව මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 177,588 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එය සමස්ත ප්‍රමාණයෙන් 64.43%ක් වන අතර මේ සඳහා පාසල් අයදුම්කරුවන් 149,964ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 27,624ක් ද ඇතුළත් වන බවයි සඳහන් වෙන්නේ.

මේ අතර සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට සිය ප්‍රතිඵල සටහන් බාගත කිරීම සහ නිරීක්ෂණය කිරීම සඳහා එළැඹෙන 28 වැනි දින සිට පහසුකම් සලසා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *