සහල් මෙට්‍රික් ටොන් 9500ක් ආනයනය කරයි

මේ වනවිට සහල් මෙට්‍රික් ටොන් 9,500ක් මෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව අද නිවේදනය කළේය.

රේගු මාධ්‍ය ප්‍රකාශක සහ අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ ප්‍රකාශ කළේ ආනයනය කර ඇති තොගයට කැකුළු මෙට්‍රික් ටොන් 3300ක් සහ නාඩු සහල් මෙට්‍රික් ටොන් 6200ක් ඇතුළත් බවයි.

කෙසේ වෙතත් සහල් ආනයනය සඳහා ලබාදී තිබූ සහන කාලය දෙසැම්බර් 20 වැනිදා මධ්‍යහනයෙන් අවසන් වන බවද ඔහු සඳහන් කළේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *