සිරිපා වාරය සහ අවාරය

අදින් ආරම්භ වන (උඳුවප් පොහොය දින) සිරිපා වන්දනා සමය අවසන් වන්නේ ලබන වසරට යෙදෙන වෙසක් පොහොයත් සමග ය.

සෑම වසරක ම සිරිපා වන්දනා වාරය උඳුවප් පොහොයෙන් ආරම්භ කෙරෙන්නේ සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව පැල්මඬුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරයේ සිට සිරිපා මළුව තෙක් වැඩම කරවීමෙන් අනතුරුව ය.

සිරිපා වන්දනාවේ යෙදෙන බැති මතුන්ගේ පහසුව සදහා මෙවරත් විශේෂ දුම්රිය සහ බස් රථ යොදා ඇත

සිරිපා වන්දනාව සඳහා මාර්ග සයක් පමණ ඇති නමුත් බොහෝ දෙනා ප්‍රධාන ප්‍රවේශ මාර්ග තුනක් ඔස්සේ වන්දනාවේ යෙදෙති.
හැටන් – නල්ලතන්නිය මාර්ගය
රත්නපුර – පලාබද්දල මාර්ගය
කුරුවිට – එරත්න මාර්ගය

සිරිපා වන්දනාව දුෂ්කර කටයුත්තකි. ඒ සදහා පියගැටපෙල දහස් ගණනක් නැඟිය යුතු අතර සිරිපා උඩමළුව වෙත ළඟා වීමට පැය කිහිපයක් ගත වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *