හම්බන්තොට රිදියගම සිංහ පැටවුන් හය දෙනාට නම් යෝජනා කිරීමේ අවස්ථාව ඔබටත්

හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ මාස තුනකට පෙර උපන් සිංහ පැටවුන් හය දෙනාට මේ වනවිට නමක් තෝරාදීමේ අවස්ථාව මහජනතාවට ලබා දී තිබේනවා.

රිදියගම සෆාරි උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා පැවසුවේ මෙම සිංහ පැටවුන් සඳහා නමක් යෝජනා කිරීමේ අවස්ථාව සෆාරි උද්‍යානයේ නිල ෆේස්බුක් පිටුව හෝ මැසෙන්ජර් හරහා මෙම සිංහ පැටවුන් සඳහා නම් යෝජනා කළ හැකි බවයි.

මෙම සිංහ පැටවුන් හය දෙනා හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ “ඩෝරා” නම් සිංහදෙනුවකට සහ “ලාරා” නම් සිංහයෙකුට දාව උපත ලබා ඇත.

මෙම සිංහ පැටවුන් හය දෙනා අතර ගැහැණු සතුන් පස් දෙනෙකු සහ එක් පිරිමි සතෙක් ද සිටී. සෆාරි සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් පැවසුවේ මාස තුනක් වයසැති මෙම සිංහ පැටවුන් ඉතා සෞඛ්‍ය සම්පන්නව සිටින බවත් මව්කිරි වලට අමතරව මස් අනුභව කරන බවත්ය.

මේ වනවිට සිංහ පැටවුන්ගේ සියලුම එන්නත් ලබාදී ඇති අතර මහජන ප්‍රදර්ශනය සදහා පෙබරවාරි 4 නිදහස් දිනයේදී රිදියගම සෆාරි උද්‍යානයේ මහජනතාවට ඔවුන් දැකබලා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *