හැඳුනුම්පත නොමැතිව සිටීම පමණක් අත්අඩංගුවට ගැනීමට හේතුවක්ද?

ශ්‍රී ලංකාවේ නීතිය අනුව 16 වයස පිරුණු සියලුම පුරවැසියන්ට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම අනිවාර්යය. මෙම හැඳුනුම්පත, පුරවැසියන්ගේ නිල හැඳුනුමක් ලෙස භාවිතා වන අතර, රට තුළ අධ්‍යාපන, සේවා, ගමන සහ නීතිමය කටයුතු සඳහා අනිවාර්ය කඩඉම් සහිත ලේඛනයක් වේ.

පසුගියදා හැඳුනුම්පතක් සන්තකයේ නොතිබීම හේතුවෙන් අතුරුගිරිය පොලිසිය තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගෙන අඩන්තේට්ටම් කළ බවට ලේඛකයෙකු සහ කලාකරුවෙකු වන කසුන් මහේන්ද්‍ර හීනටිගල පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ.

හැඳුනුම්පත නොමැතිව සිටින පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීස් නිලධාරීන්ට නීතිමය හැකියාවක් තිබෙනවාද?

ශ්‍රී ලංකාවේ නීතිය පදනම් වන්නේ පොලීසියට ලබාදී ඇති බලතල මතය. ජාතික හැඳුනුම්පත (NIC) නොමැතිව සිටීම පමණක් අත්අඩංගුවට ගැනීමට හේතුවක් නොවන අතර, නීතිවිරෝධී ක්‍රියාවක් හෝ සැක සහගත තත්ත්වයක් ඇති වුවහොත් පමණක් නිලධාරීන්ට අදාළ පියවර ගැනීමට හැකියාව ඇත. සමාජයෙහි ආරක්ෂාවට හෝ විශේෂිත විමර්ශනයක් සඳහා අදාළ පුද්ගලයාගේ අන්‍යතාවය තහවරු කරන තෙක් පොලිස් අධීක්ෂණය යටතේ තබාගැනීමට ඉඩ කඩ ඇත.

නමුත් හැඳුනුම්පත ගෙන නොසිටීමේ හේතුවක් මත පමණක් අත්අඩංගුවට ගැනීම සාධාරණ නොවේ.
මේ සම්බන්ධයෙන් නිවැරදි නීතිමය දැනුවත් කිරීමක් අත්‍යවශ්‍ය බව පොදුජනතාවගේ මතයයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *